පසුගිය අවුරුදු 10ට ලංකාව රටවල් 18කින් ඩොලර් බිලියන 41ක් ණයට අරන්

ශ්‍රී  ලංකාව පසුගිය දස වසර ඇතුළත රුපියල් ටි්‍රලියන 6කට අධික මුදලක් (6,561,499,730,580) එනම් ඇමරිකානු ඩොලර් බිලියන 41කට අධික මුදලක් (41,668,201,606) ණය ලෙස විදේශ රටවල් 18ක් හා ආයතන 44කට අධික සංඛ්‍යාවකින් ලබා ගෙන ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.

මුදල් අමාත්‍යාංශය විසින් අස්සන් කරන ලද සංවර්ධන ව්‍යාපෘති ණය, ස්වෛරිත්ව බැඳුම්කර හා විදේශ විනිමය කාලීන ණය පහසුකම් යටතේ 2012 ජනවාරි 01 වැනිදා සිට 2022.06.30 දක්වා කාලය අතර මෙම මුදල් ලබා ගෙන ඇති අතර මේ ගිවිසුම් සඳහා රජයේ පාර්ශ්වය වෙනුවෙන් ඒ ඒ වර්ෂයට අනුව භාණ්ඩාගාර ලේකම්වරු හය දෙනකු අස්සන් කර ඇති බවත් මුදල් අමාත්‍යාංශය සඳහන් කර තිබේ. තොරතුරු දැන ගැනීමේ පනතින් මව්බිම පුවත්පත අයැදුම් කළ තොරතුරු මඟින් මේ බව අනාවරණය වි ඇතැයි එම පුවත්පත වාර්තා කළේය.

Leave a Reply