පස් කපන යන්ත්‍රයට යටවු පාසල් සිසුවෙකු ජිවිතක්ෂයට

අමතර පන්තියකට සහභාගී වී නිවසට යමින් සිටි මතුගම නෑබඩ පාර දෙහිගස්මුල්ල ප්‍රදේශයේ පදිංචි 12 හැවිරිදි පාසල් සිසුවකු ස්කැවේටර් (JCB) යන්ත්‍රයකට අසුවීමෙන් අද සවස මිය ගොස් ඇතැයි මතුගම මූලස්ථාන පොලිසිය පවසයි.

මතුගම ආනන්ද ශාස්ත්‍රාලය අසලදී මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් මියගොස් ඇත්තේ මතුගම ආනන්ද ශාස්ත්‍රාලය 8 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි සිවිනු සෙනුමිත විජේසුන්දර නැමති සිසුවෙකි

මියගිය සිසුවාගේ දේහය හදිසි මරණ පරික්ෂණ කටයුතු සඳහා මතුගම වැත්තෑව රෝහලට රැගෙන ගොස් තිබේ.

අනතුර සම්බන්ධයෙන් JCB යන්ත්‍ර ක්‍රියාකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර JCB යන්ත්‍ර ක්‍රියාකරු මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය

මතුගම මූලස්ථාන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙනයනු ලබයි.

Leave a Reply