පස්සර රිය අනතුරකින් ගුරුවරයෙකුට දිවි අහිමි වෙයි

පස්සර, ලුණුගල මාර්ගයේ 13 කනුව ප්‍රදේශයේ දී අද (20) උදෑසන මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරළී එය පැදවූ ගුරුවරයෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනපස්සර පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ 34 හැවිරිදි ගුරුවරයෙකි

මෙම ගුරුවරයාගේ නිවස එම ස්ථානයේ මහා මාර්ගයට ඉහළින් පිහිටා ඇති අතර රැකියාවට යාම සදහා නිවසට යන මාර්ගයේ සිට මෝටර් රථය මහා මාර්ගයට ගැනීමට යාමේදී අඩි 60 ක් පමණ පහළින් පිහිටි මහා මාර්ගයට මෝටර් රථය පෙරළී ඇතැයි පොලීසිය සදහන් කරයි .

මීට වසර 2 කට පෙර අද වැනි දිනයක මෙම ස්ථානය ආසන්නයේදී ම පුද්ගලික බස්රථයක් මහා ප්‍රපාතයකට පෙරලී මඟීන් 14 දෙනෙක් ජීවිතක්ෂයට පත්විය .

අනතුර සම්බන්ධයෙන් පස්සර පොලීසිය විමර්ශන සිදුකරයි.

Leave a Reply