පස්කන්දක් කඩාවැටී ගාල්ල යක්කලමුල්ල ප්‍රධාන මාර්ගය අවහිර වෙයි

යක්කලමුල්ල නගරයේ මහජන බැංකුව අසල පස් කන්දක් අද (16) සවස මහා මාර්ගයට කඩා වැටිම නිසා ගාල්ල – යක්කලමුල්ල ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමනයට සම්පුර්ණයෙන්ම බාධා පැමිණ තිබේ.

ගාල්ල සිට යක්කලමුල්ල දක්වාත් යක්කලමුල්ලේ සිට ගාල්ල දක්වාත් ගමන් ගන්නා වාහන විකල්ප මාර්ග ඔස්සේ ධාවනය කිරිමට පියවර ගත් බව පොලිසිය පවසයි.

මේ වන විට කඩාවැටී ඇති පස් කන්ද මාර්ගයෙන් ඉවත් කිරීමට කටයුතු කරමින් සිටින බව ගාල්ල දිස්ත්‍රික් ආපදා කලමනාකරණය ඒකකය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *