මේ දිනවල පවතින දැඩි උෂ්ණත්වය හේතුවෙන් ගවයින්ගේ සෞඛ්‍ය තත්ත්වයන්ට බලපෑම් එල්ල විය හැකි බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ගවයින් හොඳින් වාතාශ්‍රය ලැබෙන ආවරණය සහිත ස්ථානයක හැකි සෑම විටම රඳවා තබන ලෙසත් නිදැල්ලේ ඇති කරන ගවයින් ජල මුලාශ්‍රයක් සහිත ප්‍රදේශයක රඳවන ලෙසත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අතර ගවයින්ට පැය 24 පුරාම පානය කිරීම සඳහා ජලය සැපයිය යුතු බවත් සෑම විටම විශේෂයෙන් අධික උෂ්ණත්වයක් පවතින අවස්ථාවල ගවයින් ජලයෙන් තෙමීම මෙන්ම ඒ සඳහා හෝස් බටයකින් සතුන් තෙමීම ප්‍රමාණවත් බව ද සඳහන් කරයි.
පවතින උෂ්ණත්වයේ බලපෑම හේතුවෙන් කිරි නිෂ්පාදනයේ අඩුවීමක් දකින්නට හැකි බැවින් හා ගවයින් ලෙඩවීමක් හෝ අසීරු තත්ත්වයක් යටතේ සතුන් මරණයට පත්වීමට හැකියාව පවතින බැවින් සතුන් අධික උෂ්ණත්වයෙන් ආරක්ෂා කරගැනීම සඳහා කටයුතු කරන ලෙස ද එම නිවේදනයේ තවදුරටත් දැක්වේ.
උතුර, උතුරු මැද, වයඹ, ඌව සහ දකුණු පළාත්වල කිරි ගොවීන් මේ සම්බන්ධයෙන් දැඩි අවදානයක් යොමුකරන ලෙස ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය