පල්ලකැලේ එලිමහන් කඳවුරේ සිටි රැඳවියෙකු මහවැලි ගඟේ ගිලීමෙන් අතුරුදන්ව තිබෙන බව පොලිසිය පවසයි.
මෙලෙස අතුරුදහන්ව ඇත්තේ 34 හැවිරිදි කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි රැඳවියෙකි.
අදාළ රැඳවියා අත්අඩංගුවෙන් මිදී පළායාම සඳහා මහවැලි ගඟට පැනීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.
මත්ද්‍රව්‍ය වදරකට බන්ධනාගාර ගතව අදාළ රැඳවියා පුනුරුත්ථාපනය වෙමින් සිටි අයෙකු බවත් පොලීසියේ සහ නාවික හමුදාවේ සහය ඇතිව රැඳවියාගේ සිරුර සෙවීමේ මෙහෙයුම් ආරම්භ කර තිබෙන බව පොලිසිය පවසයි.