පලස්තීනුවන්ගේ මරණ ගණන 23,000 ඉක්මවයි

ඊශ්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරවලින් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 23,000 ඉක්මවා ගොස් තිබෙන බව සංඛ්‍යා ලේඛන උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය

පසුගිය වසරේ ඔක්තෝබර් 07 වැනි දින සිට මේ දක්වා කාලය තුළ සිදු කළ ප්‍රහාරවලින් පලස්තීන වැසියන් 23,357 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව ඇති බව එම වාර්තා සඳහන් කළේය.

එමෙන්ම ප්‍රහාරවලින් පුද්ගලයන් 59,410 දෙනෙකු තුවාල ලබා ඇත.

මේ අතර, ගත වූ පැය 24ක කාලය තුළ ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් පලස්තීන වැසියන් 147 දෙනෙකු මිය ගොස් තවත් 243 දෙනෙකු තුවාල ලබා ඇති බව ද විදෙස් මාධ්‍යය වැඩිදුරටත් සදහන් කළේය.

Leave a Reply