නෞකාවක මියගිය යුක්රේන ජාතික ඉංජිනේරුවාගේ සිරුර ගාල්ලට

ඊජිප්තුවේ සිට සිංගප්පූරුව දක්වා ගමන් කරමින් තිබූ පැනමා රාජ්‍යයට අයත් වෙළඳ නෞකාවක සේවය කරමින් සිටියදී හදිසි රෝගාබාධ තත්ත්වයක් හේතුවෙන් මියගිය එහි ප්‍රධාන ඉංජිනේරුවරයාගේ මෘතදේහ අද (22) ගාලු වරායට රැගෙන ආ බව පොලිසිය පවසයි.

ඉකුත් 13 වනදා මොහු මිය ගොස් ඇති බවත් ඒ සම්බන්ධයෙන් නෞකාවේ කාර්ය මණ්ඩලය ඒ බව මෙරට නැව් නියෝජිතායතනය වෙත දැනුම් දී ඇති අතර පසුව ඔවුන් විසින් ඒ බව පොලිසියට පැමිණිලි කර තිබේ.

ඔහුගේ මෘත දේහය ගාලු වරායට රැගෙන ඒමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

Leave a Reply