නෝර්වේජියානු සංචාරකයාගේ ලක්ෂ ගණනක් වටිනා උපකරණ සමග බෑගය උස්සලා

මහනුවර සිට බණ්ඩාරවෙල ඇල්ල දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක ගමන් ගත්  නෝර්වේජියානු ජාතික සංචාරකයකු සතු ඩ්‍රෝන කැමරාවක් ඇතුළු රුපියල් හත් ලක්ෂ පනස් දහසක් පමණ වටිනා දේපල සහිත ගමන් බෑගය කිසිවකු විසින් සොරාගෙන ගොස් ඇතැයි ඇල්ල පොලිසිය පවසයි.

ඩ්‍රෝන කැමරාවට අමතරව රුපියල් 25,000 ක මුදලක් ඇපල් වර්ගයේ ජංගම දුරකථනයක් සහ එම ජංගම දුරකථන උපාංග මෙම ගමන් මල්ලේ තිබුණු බව එම සංචාරකයා කළ පැමිණිල්ලේ සඳහන් වන බව වාර්තාවේ.

නාවලපිටිය දුම්රිය ස්ථානයේ දුම්රිය නතර කර තිබූ අවස්ථාවේ මෙම ගමන් මල්ල කිසිවකු විසින් සොරාගෙන ගිය බව එම සංචාරකයා ප්‍රකාශ කර ඇති බවද වාර්තාවේ.

මෙම සොරකම නාවලපිටිය දුම්රිය ස්ථානයේ දී සිදු වූවක් බැවින් මෙය බව නාවලපිටිය පොලිසියට ද දැනුම්දීමක් කර ඇත

ඇල්ල සහ නාවලපිටිය පොලිසියද මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *