නොසැලකිල්ල හේතුවෙන් සිදුවු විපත

වාද්දූව නොම්බර එක දුම්රිය ස්ථානයේ දී අද (18) උදෑසන අනාරක්ෂිත ලෙස දුම්රිය මාර්ගය හරහා ගමන් කළ කාන්තාවක් දුම්රිය එන්ජිමක ගැටී මියගොස් තිබෙන බව පොලිසිය පවසයි

මෙලෙස මියගොස් ඇත්තේ 36 හැවිරිදි මහ වස්කඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි දෙදරු මවකි.

මියගිය මෙම කාත්තාව සිය රාජකාරි සඳහා පිටත්ව යාමට කොළඹ බලා ධාවනය වන දුම්රියකට නැගීමට මෙම දුම්රිය ස්ථානයට පැමිණ ඇත.

එහිදි දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීමට ඉදිකර තිබෙන ආරක්ෂිත දුම්රිය පාළමෙන් ගමන් නොකර අනාරක්ෂිත ලෙස දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීමේදී එම අනතුර සිදුව ඇති බව අනාවරණය වී තිබේ.

වාද්දූව පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.

Leave a Reply