නෙළුව ළමයාගේ මරණයට හේතුව හෙලිවෙයි

නෙළුව පාමංකඩ ප්‍රදේශයේ ඇළක මියගොස් සිටියදී සොයාගන්නා ලද කුඩා දරුවාගේ පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වු කරාපිටිය රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ජානකී වරුෂාහැන්නදි මහත්මිය දරුවා මියගොස් ඇත්තේ දියේ ගිලිමෙන් බවට තීරණය කර ඇත.

මෙසේ මියගොස් ඇත්තේ අලුත්ගම දර්ගා නගරයේ පදිංචි අවුරුදු දෙකහමාරක් වයසැති පිරිමි ළමයෙකි.

මියගිය ළමයා දෙමව්පියන් සමග නෙළුවේ පිහිටි මවගේ මහ ගෙදරට පැමිණ සිටියදි ඉකුත් 15 වන දින අතුරුදහන්ව ඇත.පසුව පොලිසිය සහ ප්‍රදේශවාසින් එක්ව කරන ලද සෝදිසි මෙහෙයුමකදි ඊයේ (16)  නිවස අසල ඇලක තිබි මළ සිරුර සොයා ගැනිමෙන් පසු පශ්චාත් මරණ පරික්ෂණය සඳහා කරාපිටිය රෝහල වෙත ගෙන එන ලදි.

Leave a Reply