නෙළුවේ තේ කම්හලක ගින්නක්

නෙළුව දුලිඇල්ල ප්‍රදේශයේ තේ කම්හලක දර මඩුවේ අද (15) අලුයම ඇතිවු ගින්නකින් දර මඩුව සම්පුරණයන්ම විනාශවි ඇතැයි පොලිසිය පවසයි.

අලුයම 12.30ට පමණ ගින්න හටගෙන ඇති අතර සේවකයන් හා ප්‍රදේශවාසින් එක්ව මේ වනවිට ගින්න නිවා දමා ඇති අතර කම්හලේ දර ලිප හරහා ගින්න හ‍ට ගෙන ඇතැයි සේවකයෝ පැවසුහ. ගිනි ගැනිමෙන් කම්හලට සිදුව ඇති පාඩුව මෙතෙක් ගණනය කර නැත.

මෙහිදි කිසිවෙකුටත් බර පතල තුවාල හෝ ජිවිත හානි සිදුව නැත

Leave a Reply