ඉකුත් දින නෙළුවට පැමිණි වන අලියා දැඩි පරිශ්‍රමයක් යොදා ආරක්ෂිතව යලිත් සිංහරාජ වනාන්තරයට පලවා හැරීමට වනජීවී අංශ අද (18) සමත්ව තිබේ.
පෙරේදා (16) හප්පිටියේ සිට මෙම වන අලියා ගිං ගඟ තරණය කර ලංකාගම මාදුගැට ප්‍රදේශයට පැමිණ තිබේ.
ඊයේ (17) රාත්‍රියේ නෙළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පොලිසිය සහ වනජීවි අංශ එක්ව මෙම වන අලියා ලංකාගම මායිමේ පිහිටි වතුගල ප්‍රදේශයට උපක්‍රමශීලීව පළවා හැර තිබේ.
ඒ අනුව වන අලියා අද (18) පෙරවරුවේ වතුගල ප්‍රදේශයෙන් සිංහරාජ රක්ෂිතය තුළට පිටත්ව ගිය බව වනජීවි අංශ පවසයි.
සුපුරුදු පරිදි මෙම වන අලියා පැමිණෙන මාර්ගය වුවත් මෙවර මග වැරදී නෙළුව නගරයට ආසන්නව පැමිණ අතරමංවී සිටියදී හික්කඩුව සහ උඩවලව වනජීවී අංශ, නෙළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ පොලිසිය එක්ව දැඩි පරිශ්‍රමයක් යොදා ආරක්ෂිතව මෙම වන අලියා සිංහරාජ වනයට පලවා හැරීමට කටයුතු කර තිබේ.
සිංහරාජ අලියා නෙළුවට ඇවිල්ලා
නෙළුවට පැමිණි වන අලියාගේ ජිවිතය අනතුරේ ?