නෙළුම් කුළුණේ පළමු දින ආදායම මිලියන 1.5 ඉක්මවයි

ජනතාවට විවෘත කෙරුණු දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල වන නෙළුම් කුළුණ නැරඹීම සඳහා ප්‍රවේශපත්‍ර අලෙවි කිරීමෙන් ඊයේ (15) රුපියල් මිලියනය ඉක්මවූ ආදායමක් උපයා ඇති බවට වාර්තා වෙයි.

ඒ අනුව පළමු දිනයේ ආදායම ලක්ෂ 15කට ආසන්න වන බව නෙළුම් කුලුන පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.

ඊයේ (15) නෙළුම් කුලුන නැරඹීම සඳහා පුද්ගලයින් 2612 ක පිරිසක් පැමිණ ඇති බවත් විදේශිකයින් 21 දෙනෙකු ඒ අතර වන බවත් ඒ මහතා ප්‍රකාශ කර ඇත

සතියේ දිනවල පස්වරු 2.00 සිට රාත්‍රී 11.00 දක්වාත්, සති අන්තයේ දහවල් 12.00 සිට රාත්‍රී 12.00 දක්වාත් නෙළුම් කුලුන නැරඹීමට අවස්ථාව සලසා දී තිබේ.

Leave a Reply