නෙල්ලිගලදී බස් රථයක් පෙරළී පිරිසක් රෝහලට

වන්දනා චාරිකාවක ගිය පිරිසක් රැගත් බස් රථයක් නෙල්ලිගල විහාරස්ථානය ආසන්නයේදී මාර්ගයෙන් ඉවතට පැන පෙරළීයෑමෙන් අද (25) අනතුරකින් 28 දෙනෙකු රෝහල්ගත කර ඇති බව පොලිසිය පවසයි.

මොරටුව ප්‍රදේශයේ සිට නෙල්ලිගල විහාරස්ථානයට වන්දනා චාරිකාවක ගිය පිරිසක් රැගත් බස් රථයක් මෙලෙස අනතුරට ලක්වී ඇත.

අදාළ බස් රථයේ ගමන් කර ඇත්තේ මොරටුව ඉඳිබැද්ද ප්‍රදේශයේ වැඩිහිටි සමිතියක පිරිසක් වන අතර අනතුර සිදුවන අවස්ථාවේ 47 දෙනෙකු මෙම බස් රථයේ ගමන් කර තිබේ.

විහාරස්ථානයට යන මාර්ගයේදී බස් රථය පෙරළී ගොස් මෙම අනතුර සිදුව තිබෙන අතර තුවාල ලැබූවන් පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

Leave a Reply