නිවෙස්වලට රතිඤ්ඤා දමා දුවද්දී සිසුවා ළිඳකට බිලි

අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිතව සිටි කහටගස්දිගිලිය නෙකටුණුවැව ප්‍රදේශයේ පාසල් සිසුවකු මිතුරන් සමඟ විනෝදය සඳහා වෙනත් නිවාසවලට රතිඤ්ඤා දල්වා දමා පැන දිවීමට යෑමේදී අසල පිහිටි ළිඳකට වැටී මියගොස් තිබේ.

ඉකුත් 14 වැනි දින අලුත් අවුරුදු දා මෙසේ මියගොස් ඇත්තේ 16 හැවිරිදි පාසල් සිසුවෙකි.

මියගිය සිසුවා අවුරුදු දින තවත් මිතුරන් කිහිප දෙනකු සමඟ නිවෙස් කිහිපයක ඉදිරිපිටට රතිඤ්ඤා දල්වා දමමින් පැමිණ තිබෙන අතරතුර පිරිසක් ඊට විරෝධය පෑම හේතුවෙන් ඔවුන්ට බියෙන් මොවුන් දිව ගොස් ඇත. එහිදී වත්තක මානා කැලෑවකින් වැසී ගොස් තිබූ ළිඳකට මෙම සිසුවා වැටී තිබේ.

ළිඳට වැටීමෙන් පසු ගම්වාසීන් එක්ව සිසුවා ළිඳෙන් ගොඩට ගෙන තම්මැන්නාව රෝහලට රැගෙන ගියද ඒ වන විටත් මියගොස් සිට ඇත.

කහටගස්දිලිය පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Leave a Reply