ගිනිගත්හේන, පේරගහමුල ප්‍රදේශයේ නිවසක් තුළ නිදන කාමරයේ ඇද මත අභිරහස් ලෙස මියගොස් සිටි කාන්තාවන් දෙදෙනෙකුගේ මළ සිරුරු දෙකක් සොයාගත් බව ගිනිගත්හේන පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ ගිනිගත්හේන පේරගහමුල ප්‍රදේශයේ පදිංචිව සිටි 50 හැවිරිදි මවක් සහ 30 හැවිරිදි දියණියකගේ බව පොලිසිය පවසයි.
නිවසේ පදිංචිකරුවන් දින ගණනාවක් පිටතට නොපැමිණි බවත්, එම නිවස දෙසින් දුගධක් හමන බවට ගිනිගත්හේන පොලීසියට අද (09) ප්‍රදේශවාසීන් විසින් සිදුකළ දැනුම් දීමක් මත සිරුරු දෙක සොයාගෙන ඇත.
මියගිය දෙදෙනා මානසික රෝගී තත්ත්වයෙන් පෙළෙන අය බවත් මෙය සියදිවි හානි කරගැනිමක් බවට පොලීසිය සැක පළකර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ගිනිගත්හේන පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙනයනු ලබයි.