නිවසකින් වෙඩි බෙහෙත් හමුවෙයි

බදුල්ල කන්දකැටිය මාලියද්ද ගම්මානයේ නිවසක බලපත්‍ර නොමැතිව සගවා තිබු වෙඩි බෙහෙත් ඇතුළු උපකරණ තොගයක් සමග සැකකරුවෙකු අද (09) අත් අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

පොලිසියට ලැබුන තොරතුරකට අනුව නිළධාරීන් මාලියද්ද ගම්මානයට ගොස් සැකකටයුතු නිවස පරීක්ෂා කිරීමේදි ජෙලිග්නයිට් කූරු51ක්, විවිධ ප්‍රමානයේ සේවා නූල් 20ක්, ඇමෝනියා කිලෝග්‍රෑම්ස් 15ක් අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අඩංගුවට ගත් සැකකරු බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබිණ. සිද්ධි සම්බන්ධ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යනු ලබයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *