අද (14) පෙරවරුවේ සිට නිල්වලා ගඟ ද්‍රෝනියේ ඉහළ ප්‍රදේශයේ සහ මධ්‍යම ධාරා ඇතැම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වැසි තත්වය හේතුවෙන් නිල්වලා ගඟ ආශ්‍රිත පහත් බිම් වල සැලකිය යුතු මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව ඉදිරි පැය තුනේ සිට පැය 24ක කාලය තුළ කොටපොල, පිටබැද්දර, අතුරලිය, අකුරැස්ස මාලිම්බඩ, තිහගොඩ, මාතර සහ දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල නිල්වලා ගඟ ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවලට සැලකිය යුතු මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.
මේ තත්ත්වය සම්බන්ධයෙන් එම ප්‍රදේශවල සිටින මහජනතාව සැලකිලිමත්ව කටයුතු කරන ලෙසත් ගංගා ආශ්‍රිත ප්‍රදේශ හරහා වැටී ඇති අතුරු මාර්ගවල ගමන් කිරීමේදී රියදුරන්ට සැලකිලිමත් වන ලෙසද එම දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කළේය.