නිදා සිටි සරසවි සිසුවා නිදි යහනෙදිම අවසන් ගමන් යයි

සබරගමුව විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ අවසන් වසරේ සිසුවකු විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරයක නිදා සිටියදීම අද (21) අලුයම මියගොස් තිබෙන බව වාර්තාවේ

මෙසේ මියගොස් ඇත්තේ පැල්පොල පදිංචි ශිෂ්‍යයෙකි.

මියයන විට 25 හැවිරිදි වියෙහි පසුවූ ඔහු විශ්ව විද්‍යාලයේ කබඩි කණ්ඩායමේ සමාජිකයෙකු ලෙසද කටයුතු කර ඇත.

මරණයට හේතුව අනාවරණය වී නැති අතර දේහය පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා යොමු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *