නිදහස් ජනතා සන්ධානය හෙලිකොප්ටරයෙන් එයි

දේශපාලන පක්ෂ කිහිපයක එකතුවෙන් ‘නිදහස් ජනතා සන්ධානය’ නමින් නව සන්ධානයක් එළිදැක්වීම අද (11) පස්වරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී සිදු විය.

එළඹෙන පළාත් පාලන ඡන්ද විමසීමේදී එම සන්ධානය තරග කිරීමට සූදානමින් පසුවන අතර ඒ සඳහා විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිදහස ජනතා සභාව, උත්තර ලංකා සභාගය ඇතුළු දේශපාලන පක්ෂ හා කණ්ඩායම් 10ක් එක්ව සිටී.

මෙම සන්ධානය එළිදැක්වීමේ අවස්‍ථාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ, අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් පාර්ලිමෙන්තුවට පිවිසි මන්ත්‍රීවරුන් 35ක් සහභාගි වී සිටියහ.

‘නිදහස් ජනතා සන්ධානය’ මැතිවරණ සලකුණ ලෙස, හෙලිකොප්ටරය තෝරා ගෙන තිබේ

Leave a Reply