නාය යෑමකින් තරුණියන් දෙදෙනෙකු මරුට

හාලිඇල උඩුවර 6 කනුව කැන්දගොල්ල පතන ප්‍රදේශයේ නිවසක් මතට අද (22) පස්වරුවේ පස්කන්දක් කඩා වැටීමෙන් ඊට යටවු තරුණියන් දෙදෙනකු බේරාගෙන බදුල්ල මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගිය බව හාලිඇල පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ හාලිඇල උඩුවර 6 කනුව කැන්දගොල්ල පතන ප්‍රදේශයේ පදිංචි ව සිටි 21 හැවිරිදි හා 22 හැවිරිදි තරුණියන් දෙදෙනෙකු බව පොලිසිය පවසයි.

පවතින අධික වර්ෂාවත් සමග මෙම තරුණියන් දෙදෙනා නිවසේ නිදන කාමරයේ ඇදක් මතට වී සිටියදී පැවති ධාරානිපාත වර්ෂාවත් සමඟ එක්වරම නිවස මතට පස්කන්දක් කඩා වැටී මොවුන් දෙදෙනා ඊට යට වී ඇත.

පසුව නිවැසියන් නිවසට පැමිණ බැලීමේදී නිවසේ නිදන කාමරයට පස්කන්දක් කඩා වැටී කාමරය පස්වලින් වැසී තිබෙන අයුරු දැක ඔවුන් දෙදෙනා බේරාගෙන රෝහල්ගතකර තිබේ.

Leave a Reply