නායයෑම් කිහිපයකින් බෙරගල – හපුතලේ මාර්ගය අවහිර වෙයි

බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ හපුතලේ සහ බෙරගල අතර කොටසේ නායයෑම් කිහිපයක් සිදුවී තිබේ.

පස් කඳු කඩාවැටීම හේතුවෙන් මාර්ගයේ අවහිරවීම් සිදුවී ඇති බව පොලිසිය පවසයි.

ඒ හේතුවෙන් බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවන කටයුතුවලට බාධා එල්ලවී තිබේ.

මෙම මාර්ග කොටස අතර ස්ථාන 03කදී ප්‍රධාන මාර්ගයට පස් සහ ගල් වැටී ඇති බව තවදුරටත් වාර්තා වෙයි.

මේ හේතුවෙන් අද (21) දහවල් 2.30 සිට හපුතලේ සහ බෙරගල අතර කොටසේ රථවාහන ගමනාගමන කටයුතු සම්පුර්ණයෙන්ම අඩාල වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේය.

පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් පස් ඉවත්කිරීමේ කටයුතුවලට ද බාධා එල්ලවී ඇති අතර මෙම මාර්ගය භාවිත කරන රියදුරන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසද පොලීසිය ඉල්ලීමක් කරයි.

Leave a Reply