නාදුනන පිරිසක් කල ගිනි තැබිමකින් කාන්තාවක් ජිවිතක්ෂයට

කොටුගොඩ යාගොඩමුල්ල ප්‍රදේශයේ පිහිටි නිවසකට අද (17) රාත්‍රියේ කඩා වැදුණු නාදුනන පුද්ගලයන් කිහිපදෙනකු එහි නිදන කාමරයට ගිනි තැබීම නිසා එම කාමරයේ සිටි කාන්තාවක් පිළිස්සී මියගොස් ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ 65 හැවිරිදි කාන්තාවකි

පසුව ප්‍රදේශවාසීන් පැමිණ ගින්න නිවා දමා ඇති අතර ඒ වන විටත් ඇය පිළිස්සි මියගොස් ඇති බව පොලීසිය පවසයි.

මෙම කාන්තාව නිවසේ හුදෙකලාව ජීවත් වූ තැනැත්තියක් බවත් මෙම අපරාධයට හේතුව තවමත් අනාවරණය වි නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙනයනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *