නව සුරාබදු පනතක් – අමාත්‍ය මණ්ඩල අනුමැතිය

1912 දී හඳුන්වා දී තිබු මත්පැන් සහ දුම්කොළ භාවිතය, ඒ ආශ්‍රිත ව්‍යාපාර නියාමනය, අදාළ බලපත්‍ර නිකුත් කිරීම සහ බදු පැනවීම සඳහා දැනට භාවිත කෙරෙන ආඥා පනත වෙනුවට නව සුරාබදු පනතක් ගෙන ඒමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

අදාළ යෝජනාව 2022 අතුරු අයවැය මගින් යෝජනාවක් ලෙස ඉදිරිපත් කළ අතර ඒ අනුව එකී කාරනාව සඳහා නීති පනත් කෙටුම්පතක් සැකසීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

එම යෝජනාව මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබේ.

එය වර්තමානයට ගැළපෙන පරිදි වෙනස් කිරීමට ඒ අනුව කටයුතු කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *