පැසිපික් සාගරයේ පිහිටි නවසිලන්තයට අයත් කමර්ඩෙක් දූපත් ප්‍රදේශයේ රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 7.1 ප්‍රබල භූ චලනයක් සිදුවී තිබෙන බව ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පැවසීය.
මෙම භූ කම්පනය කිලෝමීටර් 10ක පමණ පොළොව අභ්‍යන්තරයේ සිදුවී ඇති අතර ඉන් සිදුවූ හානියක් පිළිබඳ මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැත.
භූ කම්පනයෙන් පසු සුනාමි අනතුරු ඇගවීමක් නිකුත් කර ඇති බව ෆැසිෆික් සුනාමි අනතුරු ඇඟවිමේ මධ්‍යස්ථානය නිවේදනය කළේය.
මෙම භූ චලනයෙන් ඔස්ට්‍රේලියාව හෝ අවට කලාපයට සුනාමි අවදානමක් නොමැති බව ඕස්ට්‍රේලියානු කාලගුණ ඒජන්සිය නිවේදනය කළේය.