නගරයක් බියට පත්කල කොල්ල කල්ලියක් අත් අඩංගුවට

කිලිනොච්චි ප්‍රදේශයේ ජනතාව බිය ගන්වමින් අපරාධ රැසකට අවශ්‍ය කර සිටි අපරාධ කල්ලියක 6 දෙනකු අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිසිය පවසයි.

තියුණු ආයුධවලින් පහර දීම්, නිවාස හා දේපළවලට පහර දී අලාභ හානි සිදුකිරීම්, මුදල් කොල්කෑම, යතුරු පැදි කොල්ල කෑම ඇතුළු ඇතුලු අපරාධ රැසකට මොවුන් සම්බන්ධ බව පොලිසිය පවසයි.

මොවුන් සම්බන්ධයෙන් හෙළි කරගත් තොරතුරු අනුව අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් අවුරුදු 21-32 අතර පසුවන කිලිනොච්චි හා අක්කරායන්කුලම් යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවද පොලිසිය පවසයි.

සැකකරුවන් අද (4) කිලිනොච්චි මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Leave a Reply