නංගිට ගැහුවා කියලා අයියා මස්සිනාට කතුරෙන් ඇනලා

පානදුර, පින්වත්ත පදිංචි තරුණ යුවළක් අතර ආරවුලක් දුරදිග ගොස් පහර කෑමට ලක් වූ බිරියට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි සැමියාට  රෝහලේ දී කතුරු ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි.

සැමියාගේ පහරකෑමට ලක් වූ බිරිය සහ පහරදුන් බව කියන සැමිය රෝහලේ මූලික ප්‍රතිකාර අංශයේ සිටියදී ඔවුන්ගේ ආරවුල පිළිබද ආරංචි වු කාන්තාවගේ වැඩිමහල් සොහොයුරා රෝහලට පැමිණ ඇත. සිය සහෝදරියට පහරදීම සම්බන්ධයෙන් උරණවූ සැකකරු රෝහලේ තිබූ කතුරක් ගෙන මස්සිනාට ඇන තිබේ.

පැවතී ආරවුල රෝහල් කාර්ය මණ්ඩලය සහ ආරක්ෂක අංශ මැදිහත්ව ගැටුම පාලනය කර ඇති අතර සැකකරු පලාගොස් ඇතැයි පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් පානදුර දකුණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *