ධාවනය වෙමින් තිබු බසයක පාපුවරුවෙන් පාසල් සිසුවෙකු වැටී රෝහලට

ඇල්පිටිය – පිටුවල ප්‍රධාන මාර්ගයේ ඇල්පිටිය දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක පාපුවරුවෙන් පාසල් ශිෂ්‍යයකු වැටී තුවාල ලබා ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

එලෙස අනතුරට ලක්ව ඇත්තේ අවුරුදු 14ක් පමණ වන පාසල් දරුවෙකි.

අදාළ බස් රථය වේගයෙන් පැමිණ ඇති බවත් අද (14) උදෑසන පාසල් ආරම්භයට පෙර ඇල්පිටිය ඩිපෝව ආසන්නයේ දී මෙම අනතුර සිදුව තිබේ

බස් රථයේ පාපුවරුවේ ගමන්ගත් අදාළ පාසල් සිසුවා එක්වරම බිමට වැටී ඇති අතර අනතුරින් සිසුවාගේ හිසට තුවාල සිදුව ඇති අතර ඔහු මේ වනවිට ඇල්පිටිය මුලික රෝහලේ ප්‍රතිකාර ලබයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *