දොඩන්දුව දී මෝටර් රථයක් දුම්රියක ගැටී අනතුරක්

අද (13) දහවල් දොඩන්දුවදි මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් විහාරාධිපති හිමිනමක් සහ රියදුරු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කල බව හික්කඩුව පොලිසිය පවසයි.

දොඩන්දුව අනතුර සිදුවු ස්ථානය ආසන්නයේ පිහිටි විහාරස්ථානයක විහාරාධිපති හිමියන් දානයකට වැඩ කරමින් සිටියදි බෙලිඅත්ත සිට අනුරාධපුර දක්වා ධාවනයවු රජරට රැජින සිඝ්‍රගාමි දුම්රියේ ගැටී මෙම අනතුර සිදුව ඇත.

දුම්රියේ ගැටුනු මෝටර් රථය පාරෙන් ඉවතට විසිවි ඇති අතර ප්‍රදේශවාසින් විසින් තුවාල ලබා සිටි විහාරාධිපති හිමියන් සහ රියදුරා කරාපිටිය රෝහලට ඇතුලත් කිරිමට පියවර ගෙන ඇත.

අනතුර සම්බන්ධයෙන් හික්කඩුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි

Leave a Reply