දේශිය ණය ප්‍රතිව්‍යුහගත කිරිමේ යෝජනාවට කැබිනට් අනුමැතිය

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

අදාළ යෝජනාවට අනුමැතිය ලබා ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (28) පස්වරුවේ හදිසි කැබිනට් රැස්වීම කැඳවා තිබෙන බව වාර්තාවේ.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාල යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ යෝජනාව ලබන සෙනසුරාදා (1) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Leave a Reply