දෙහිවලදී දුම්රියේ ගැටී තරුණයෙකු සහ තරුණියක් මරුට

දෙහිවල දුම්රිය ස්ථානයේදී දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීමට උත්සාහ කළ තිදෙනකු දුම්රියේ ගැටී දෙදෙනෙකු මියගොස් එක් අයෙකු තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු සහ තරුණියකි.

අද (17) පෙරවරුවේ මරදානේ සිට කළුතර බලා ධාවනය වූ දුම්රියේ මොවුන් ගැටී ඇති අතර, රෝහල්ගත කිරීමෙන් අනතුරුව අදාළ තරුණයා සහ තරුණිය ජිවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.

කාර්මික විද්‍යාලයක ඉගෙනුම ලබන අතරතුර දෙහිවල සත්ත්වෝද්‍යානය නැරඹීම සඳහා පැමිණි අවස්ථාවේදීයි මෙම අනතුරට ඔවුන් මුහුණදී ඇතැයි පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙනයනු ලබයි.

Leave a Reply