දෙහිවලදී උපත ලැබු බෙංගාල ව්‍යාඝ්‍ර පැටවුන් බලන්න අවස්ථාවක්

දෙහිවල සත්වෝද්‍යානයේ දී මීට තෙමසකට පෙර උපන් බෙංගාල ව්‍යාඝ්‍ර පැටවුන් තිදෙනා මහජනතාවට දැක බලාගැනීම සඳහා අවස්ථාව පෙරේදා (02) සිට ලබාදි තිබේ.

චීන සත්වෝද්‍යානයේ සිට 2009 වසරේදී දෙහිවල සත්වෝද්‍යානයට ගෙනා රොබින් නැමති බෙංගාල ව්‍යාඝ්‍රයාට සහ කෙල්ල නැමති ව්‍යාඝ්‍ර ධේනුවට දාව මෙම පැටවුන් පසුගිය මාර්තු 5 වැනිදා උපත ලබා ඇත

මෙම තිදෙනාම පිරිමි පැටවුන් වන අතර ඔවුන් තිදෙනාම නිරෝගී සුවයෙන් පසුවන බවත් වාර්තාවේ.

දිනපතා යම් වේලාවක් මහජනතාවට දැක බලා ගැනීම සඳහා ‍අවස්ථාව දෙන බව සත්වෝද්‍යාන අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කර ඇත.

Leave a Reply