දෙයියන්දර හොරපාවිට ප්රදේශයේ තේ කර්මාන්ත ශලාවක අද (25) අලුයම ගින්නක් හටගෙන ඇතැයි දෙයියන්දර පොලිසිය පවසයි.
අද අලුයම 5.30ට පමණ ගින්න හටගෙන ඇති අතර දෙයියන්දර පොලිසිය සහ ප්රදේශවාසින් එක්ව ගින්න නිවා දමිමට කටයුතු කර තිබේ.
මෙම කර්මාන්ත ශාලාව දර භාවිතයෙන් ක්රියාත්මක කරන එකක් බවත් ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නැති බවත් පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් දෙයියන්දර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි