මහනුවර දවුලගල හන්දෙස්සේ දී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් එක් තරුණයකු මිය ගොස් තවත් දෙදෙනකු තුවාල ලබා මහනුවර මහ රෝහලට ඇතුලත් කර ඇතැයි දවුලගල පොලිසිය පවසයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ හන්දෙස්ස ප්‍රදේශය පදිංචි (32) හැවිරිදි තරුණයෙකි.
මියගිය තරුණයා ඔහුගේ සොහොයුරා ගේ නිවසට ගොස් සිටියදී, සොහොයුරාගේ නිවසේ පිරිස සහ ඒ ආසන්නයේ නිවසක පිරිසක් අතර ඇති වූ ගැටුමක් අතරතුර මෙම තරුණයා පිහි පහරකට ලක්ව තුවාල ලබා මහනුවර රෝහලට ඇතුළත් කිරීමෙන් ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙනයනු ලබයි.