දුවන බසයේ රෝදය ගැලවි වාසනාවට ගැලවුණු ජීවිත

බදුල්ල නගරය ආසන්නයේදී මගීන් සමග ධාවනය වූ ශ්‍රී ලංකා ගමනා මණ්ඩලයට අයත් බස් රථයක ඉදිරිපස රෝදයක් ගැලවී යෑමෙන් අද (31) අනතුරක් සිදුවී තිබෙන බව පොලිසිය පවසයි.

බණ්ඩාරවෙල ඩිපෝවේ බස් රථයක් බණ්ඩාරවෙල සිට නෙළුව මාර්ගය ඔස්සේ බදුල්ලට ගමන් කිරීමේ දී අනතුරකට ලක්ව තිබේ.

බදුල්ල පිංඅරාව ප්‍රදේශයේ දී බසයේ ඉදිරිපස රෝදයක් ගැලවී ගොස් ඇති අතර, රියදුරු විසින් ආරක්ෂිතව බසය නවතා ගැනීම හේතුවෙන් විශාල විනාශයක් වැලැක්වී තිබේ.

සිද්ධිය දුටුවන් සඳහන් කළේ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් අදාළ බස් රථයට එම අවස්ථාවේදී මාර්ගයේ ගමන් කළ කාන්තාවක් ද යටවීමට ගිය බවය.

බස් රථ සඳහා නිසි නඩත්තු කටයුතු සිදු නොකිරීමෙන් මෙවැනි අනතුරු සිදුවෙන බව ජනතාව පවසයි

තිරිංග නැතිව පල්ලමේ ගිය බසයේ ජිවිත රියදුරු දස්කමින් බේරෙයි

Leave a Reply