දුවන කෝච්චිය නවත්වන්න ගිහින් පුද්ගලයෙකු රෝහලට

කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබු උඩරට මැණිකේ දුම්රිය නතර කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු අද (18) පස්වරුවේ දුම්රියේ ගැටි බරපතළ තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසයි.

මෙලෙස තුවාල ලබා ඇත්තේ 41 හැවිරිදි අයෙකි.

රොසැල්ල සහ හැටන් දුම්රිය ස්ථාන දෙක අතර, හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති අතර බරපතළ තුවාල ලැබු එම පුද්ගලයා දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර ඇත.

නිවසේදී ඇතිවී තිබූ ආරවුලකින් පසු උරණ වී සිට ඇති එම පුද්ගලයා අධික බීමතින් දුම්රිය මාර්ගයට පැමිණ එලෙස ධාවනයවෙමින් තිබූ දුම්රිය නතර කිරීමට උත්සාහ ගෙන ඇති අතර පසුව දුම්රියේ ගැටීමෙන් පසු විසිවී ගොස් තිබෙන අතර එහිදී බරපතළ තුවාල සිදුවී ඇත.

තුවාල ලැබු පුද්ගලයා හැටන් දික්ඔය පොඩයිස් වතුයායේ පදිංචිකරුවෙකු බව හැටන් පොලීසිය විසින් කරන ලද මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *