දුරකථන ඇමතුමකින් අකුරණ ඇවිලූ සැකකරු අත් අඩංගුවට

අකුරණ ප්‍රදේශයේ යම් ප්‍රහාරයක් සිදුවිය හැකි බවට 118 හදිසි ඇමතුම් අංකයට වැරදි තොරතුරු ලබාදුන් සැකකරු හාරිස්පත්තුව ප්‍රදේශයේදී අත්අඩංගුවට තිබෙන බව පොලිසිය පවසයි.

අද (22) පෙරවරුවේ මෙම සැකකරු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.

අකුරණ නගරයේ කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුවනු ඇති බවට ආරක්ෂක අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන 118 හදිසි ඇමතුම් අංකයට පසුගිය 18 වනදා රාත්‍රී දුරකථන ඇමතුමක් ලැබී තිබුණි.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ මේ සම්බන්ධයෙන් අවධානය යොමුකර විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් එම ප්‍රදේශයට පිටත් කළේය.

නමුත් පසුව අනාවරණය වී ඇත්තේ යම් පුද්ගලයෙකු විසින් පොලීසියට ව්‍යාජ තොරතුරු ලබා දී ඇති බවය.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Leave a Reply