වෑන් රථයක් දුම්රියක ගැටී බිළිඳෙකු සහ පියා ජිවිතක්ෂයට

යාපනය – ඉනුවිල් දුම්රිය හරස් මාර්ගයකදී අද (14) පස්වරුවේ වෑන් රථයක් දුම්රියක ගැටීමෙන් සිදුවු මාරක අනතුරකින් මාස 6ක බිළිඳෙකු සහ පියා ජීවිතක්ෂයට පත්ව තිබේ.

එහිදී බරපතළ තුවාල ලැබු මව අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගතකර ඇත.

දුම්රිය හරස්මාර්ගය හරහා ධාවනය කල වෑන් රථය අනුරාධපුරයේ සිට යාපනය බලා ධාවනය වෙමින් තිබූ දුම්රියේ ගැටීමෙන් මෙම බිහිසුණු අනතුර සිදුව තිබේ

වෑන් රථයේ රියැදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතු වූ බව අනාවරණය වි ඇතැයි පොලිසිය පවසයි.

Leave a Reply