දුම්රිය මාර්ගවල ඇණ ගලවාගෙන යන හොරු අල්ලන්න 300 බලකායක්

දුම්රිය මාර්ගවල ඇණ ගලවාගෙන යන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට දුම්රිය ආරක්ෂක නිලධාරීන් 300 දෙනකුට අධික පිරිසක් යෙදවූ බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි වී. එස්. පොල්වත්තගේ මහතා පවසයි.

පසුගිය දින කීපයේදී කැලණිවැලි දුම්රිය මාර්ගයේ, මුහුදුබඩ දුම්රිය මාර්ගයේ හා ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය පිලී පැනීමට මූලික හේතුව මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවන් දුම්රිය මාර්ගයේ පීලි හා සිල්පර කොටන්වලට සම්බන්ධ කර තිබෙන ඇණ ගලවාගෙන යෑම සිදුව ඇති බව ඒ මහතා ප්‍රකාශ කර තිබේ.

මෙම තත්ත්වය මත දුම්රියේ ගමන් ගන්නා මගී ජීවිත ද ඉතා අනතුරේ බව ද ඔහු සඳහන් කර තිබේ.

මේ හේතුවෙන් කොළඹ ඇතුළු දිවයිනේ මාර්ගවල ඇණ ගැලවීමේ සිද්ධීන් වාර්තා වීම නිසා ඔවුන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් මෙලෙස ආරම්භ කර තිබේ.

එමෙන්ම, මෙලෙස දුම්රිය මාර්ගවල යම්කිසි පුද්ගලයකු හෝ පිරිසක් ඇන ගලවන්නේ නම් ඒ ගැන ළඟම ඇති පොලිසියට දැනුම් දෙන ලෙස ද හෙතෙම මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

Leave a Reply