දුම්රිය මගින්ගේ ජංගම දුරකථන සහ මුදල් පසුම්බි සොරාගන්නා අයෙකු අත්අඩංගුවට

දුම්රිය මගින්ගේ ජංගම දුරකතන සහ මුදල් පසුම්බි සොරකම් කිරි‍මේ යෙදිසිටි පුද්ගලයෙකු ඊයේ (25) සවස රුහුණු කුමාරි දුම්රියේදි අල්ලාගෙන ගාල්ල පොලිසියට බාරදුන් බව දුම්රිය ආරක්ෂක සේවය පවසයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ මාලිගාවත්ත පදිංචි 40 හැවිරිදි සැකකරුවෙකි.

මෙම සැකකරු මරදාන සිට මාතර බලා ධාවනය වු රුහුණු කුමාරි දුම්රියේ පැමිණි තරුණියකගේ ජංගම දුරකතනය සොරකම් කර ඇති අතර ඒ සමගම ඇය දුම්රියේ සිටි දුම්රිය ආරක්ෂක නිලධාරින්ට දන්වා ඇත.

ආරක්ෂක නිලධාරින් සැකකරු අල්ලාගෙන පරික්ෂා කිරිමේදි අයිතිකරුවන් නොමැති වටිනා ජංගම දුරකතන දෙකක් ඔහු සතුව තිබි සොයාගෙන ඇති අතර තරුණියගෙන් සොරකම් කරන ලද ජංගම දුරකතනය ඔහු සමග සිටි වෙනත් කාන්තාවකට දි ඇති බවටත් එම කාන්තාව ඒ සමගම එම මැදිරියෙන් ගොස් ඇති බවටත් අනාවරණය කරගෙන ඇත.

වැඩිදුරටත් කරන ලද ප්‍රශ්ණ කිරිමේදි අනාවරණයවි ඇත්තේ සැකකරු ප්‍රවේශ පත්‍ර නොමැතිව දුම්රියවල ගමන් කරමින් කලක් තිස්සේ දුම්රිය මගින්ගේ ජංගම දුර කතන සහ මුදල් සොරකම් කිරිමේ යෙදිසිටි අයෙකු බවය.

සැකකරු අත් අඩංගුවට ගෙන ගාල්ල පොලිසියට බාරදි ඇති අතර සැකකරු අද ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබින.

Leave a Reply