දුම්කොළ භාවිතයෙන් දිනකට මරණ 50ක්

දුම්කොළ භාවිතය නිසා දිනකට පුද්ගලයන් 50 දෙනෙකු පමණ මරණයට පත් වන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ඇස්තමේන්තු කර ඇතැයි මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ සම්පත් ද සේරම් මහතා පැවසීය.

මෙරට මරණ අතරින් සියයට 83ක් බෝ නොවන රෝග නිසා මරණයට පත් වන බවත් බෝ නොවන රෝග ඇති කරන ප්‍රධාන සාධක හතරෙන් දුම්වැටි භාවිතය ප්‍රධාන සාධකයක් බවත් ඒ මහතා පැවසුවේය.

ශ්‍රී ලාංකිකයන් දිනකට සිගරට් භාවිතයට රුපියල් මිලියන 520ක් වියදම් කරන බව ද හෙතෙම පැවසීය.

වර්තමානය වන විට මෙරට පුද්ගලයන්ගේ සිගරට් භාවිතය සියයට 9.1 කින් අවම වී ඇති අතර මෙරට පුද්ගලයන්ගෙන් තවමත් මිලියන 15ක් සිගරට් භාවිතය සිදු කරන බව ද ඔහු ප්‍රකාශ කළේය.

මෙරට අඩු වෙමින් පවතින සිගරට් භාවිතය තවදුරටත් අඩු කිරීමට දුම්කොළ සහ මද්‍යකාර පිළිබඳ ජාතික අධිකාරි පනත යටතේ සිදු විය යුතු වෙනස්කම් කිහිපයක් පිළිබදව වසර ගණනාවක සිට යෝජනා ඉදිරිපත් කරමින් තිබෙන බවත් එම යෝජනා ක්‍රියාවට නැංවීම සිදු නොකිරීම කනගාටු වට කරුණක් බවත් ඔහු වැඩිදුරටත් පැවසුවේය.

Leave a Reply