දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මහ වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (05) තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 
 
ඒ අනුව බස්නාහිර, දකුණ, වයඹ, සබරගමුව, නැගෙනහිර සහ උතුරු පළාත්වලට මිලි මීටර් 100ක පමණ වැසි ඇති විය හැක. 

මේ අතර , අධික වැසි සමග පස් කඳු කඩා වැටීම්,ගල් පෙරළීම්, නායයෑම් සහ පොළොව ගිලා බැසීම් වැනි ආපදාවන් පිළිබඳ විමසිලිමත් වන්නැයි, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයෙන් ජනතාවට උපදෙස් දී තිබේ. 

ගාල්ලට ඊයේ (04) රාත්‍රි ඇද හැළුණ ධාරාණිපාත වර්ෂාවෙන් මාර්ග රැසක් සහ පහත්බිම් රැසක්ද ජලයෙන් යටවිම නිසා ජන ජිවිතයට දැඩි බාධා එල්ලවිය.

ගාල්ල බද්දේගම මාරගයේ තලාපිටිය, සරෙන්තුකඩේ, දංගෙදර, බෙලිගහ, යන ප්‍රදේශවල බොහෝ ස්ථානද වක්වැල්ල මාර්ගයේ සංඝමිත්ත පුර, මිනුවන්ගොඩ ඇතුලු ප්‍රදේශ රැසක්ද ජලයෙන් යටවි තිබිම නිසා ගමනා ගමනයට බාධා පැමිණ තිබින.

එයට අමතරව මෙම ප්‍රදේශවල සමහර නිවාස සහ වෙළඳසල් අඩි දෙකක් පමණ ජලයෙන් යටවි තිබිණි.

මේ අතර කටුනායක ගුවන් තොටුපළ අවට ප්‍රදේශයට පැවති අධික වැසි සහ අකුණු ගැසීම් සහිත අයහපත් කාළගුණික තත්වය නිසා කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා දෙකක් මත්තල ගුවන් තොටුපළ වෙත යොමු කළ බව ගුවන් තොටුපොළ බලධාරීන් පැවසීය.

Leave a Reply