දිය නෑමට ගිය සරසවි සිසුවා අවසන් ගමන් යයි

ඔළුවිල් අග්නිදිග විශ්වවිද්‍යාගයේ සිසුන් පිරිසක් ඒම විශ්වවිද්‍යාලය පිටපස ඇති මුහුදු තීරයේ දිය නෑමට ගොස් සිටියදී එක් සිසුවෙකු රැල්ලට හසු වී ගසාගෙන ගොස් පසුව ප්‍රදේශවාසීන් සිසුවා බේරාගෙන ඔළුවිල රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බව පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ 21 හැවිරිදි ඔළුවිල් ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු ඥාතින් වෙත බාර දී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අක්කරපත්තුව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Leave a Reply