දිය නෑමට ගිය ජිවිත දෙකක් බිලි

හංවැල්ල තුම්මෝදර ප්‍රදේශයේ පිහිටා ඇති කුමාරි ඇල්ලේ දියනෑමට ගිය පුද්ගලයින් පිරිසක් අතරින් එක් පුද්ගයෙකු සහ අනුරාධපුර, සුවාත හංදිය පොකුණු තුන අසල පොකුණක දියේ ගිලී කාන්තාවක් මියගොස් තිබෙන පොලිසිය පවසයි.

ඊයේ (12) සවස් කාලයේදී එම අනතුරු දෙක සිදුව ඇති බව පොලීසිය පවසයි.

එසේ මියගොස් ඇත්තේ, 43 හැවිරිදි මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු සහ 70 හැවිරිදි අනුරාධපුර පූජා නගරයේ සිටින යාචක කාන්තාවක් බවට අනාවරණය වී ඇත.

මියගිය පිරිමි පුද්ගලයාගේ මෘත ශරීරය අවිස්සාවේල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ සහ කාන්තාවගේ සිරුර අනුරාධපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත

සිද්ධින් සම්බන්ධයෙන් හංවැල්ල සහ අනුරාධපුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *