දියමත ලිස්සා යාමේ ක්‍රීඩාවේ යෙදි සිටි විදෙස් තරුණයෙකු මරුට  

ගාල්ල දෙවට මුහුදේ දියමත ලිස්සායාමේ ක්‍රිඩාවේ යෙදි සිටියදි දියමත ලිස්සායාමේ පුවරුව (සර්ෆින් බෝඩ් එක) මත වැටි ඇතිවු අසනිප තත්වයක් හේතුවෙන් කරාපිටිය රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටි විදේශික තරුණයෙකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ 16 හැවිරිදි කසකස්ථාන ජාතික තරුණයෙකි.

ඔහු දෙමව්පියන් සමග හික්කඩුවේ නාරිගම ප්‍රදේශයේ නිවසක නතරව සිටියදි ගාල්ල දෙවට ප්‍රදේශයට පැමිණ මුහුදේ දියමත ලිස්සායමේ ක්‍රිඩාවේ යෙදි ඇත. එසේ ක්‍රිඩා කරමින් සිටියදි ඔහු දියමත ලිස්සා යාමේ පුවරුව මත ඇදවැටිම නිසා කරාපිටිය රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදි මියගොස් ඇත.

මියගිය තරුණයාගේ මරණ පරික්ෂණය කරාපිටිය රෝහල්දි අද පැවැත්විමට නියමිතව තිබු අතර සිද්ධිය සම්බන්ධයෙන් වරාය පොලිසිය මගින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ. 

Leave a Reply