දියණිය ඉදිරියේ බිරිඳව ඝාතනය කල සැමියා සිය දිවි දිවිනසා ගනි

මහව ඉරිබිස්ස වැව් තාවුල්ලේ ගසක එල්ලි ගෙල වැළලාගෙන පුද්ගලයෙකු සියදිවි හානිකරගෙන තිබෙන බව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ මහව ප්‍රදේශයේ පදිංචිව සිටි 33 හැවිරිදි පුද්ගලයෙකු බවද පොලිසිය පවසයි.

මෙලෙස  සියදිවි හානිකරගෙන ඇත්තේ පසුගිය 24 වනදා පොල්පිතිගම ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී කාන්තාවක් ඝාතනය කළ සැකකරු බව අනාවරණය වි ඇති බවත් මෙම පුද්ගලයා ඝාතනයට ලක් වූ කාන්තාවගේ සැමියා බවටද අනාවරණය වී තිබෙන බව පොලිසිය පවසයි.

කුරුණෑගල පොල්පිතිගමදී තියුණු ආයුධයකින් පහරදි සිය හය හැවිරිදි දියණිය ඉදිරිපිට දී මෙම කාන්තාව ඉකුත් 24 වනදා ඝාතනය කර තිබින.

සිද්ධිය සම්බන්ධයෙන් මහව පොලීසිය වැඩදුර පරීක්ෂණ සිදුකරයි

Leave a Reply