දියණියට ලිංගික අපරාධයක් කල පියෙකු වෙඩි තබාගෙන ජිවිතක්ෂයට

සිය දියණිය දූෂණය කළ බවට චෝදනා එල්ලවූ පියෙකු වෙඩිතබාගෙන සියදිවි හානිකරගත් පුවතක් අම්පාර ප්‍රදේශයෙන් වාර්තාවෙයි.

මෙම පුවත වාර්තාවන්නේ අම්පාර පන්නල්ගම ප්‍රදේශයෙනි.

මියගොස් ඇති පුද්ගලයාගේ බිරිඳ මීට මාස 6කට පෙර විදෙස්ගතව තිබේ.

එම කාලසීමාවේදී පියා තමන්ව දූෂණය කළ බව එම දැරිය විසින් විදෙස්ගතව සිටින මවට දැනුම්දී තිබේ.

ඒ අනුව අදාළ කාන්තාව මේ පිළිබඳව සිය සැමියාගෙන් විමසීමත් සමග එම සිදුවීම පිළිබඳව පොලීසියට දැනුම්දුනහොත් දරුවන් ඝාතනය කර තමන් ද සියදිවි හානිකරගන්නා බවට ඔහු තර්ජනය කළ බව ඇය  පොලීසියට පවසා තිබේ.

එම තර්ජනයත් සමග ඇය මෙම සිදුවීම සමබන්ධයෙන් දුරකථන මාර්ගයෙන් දමන පොලිස් ස්ථානය වෙත දැනුම්දීමට පියවර ගෙන තිබුණි.

එම තොරතුර ලද වහාම ක්‍රියාත්මක වූ දමන පොලීසියේ නිලධාරීන් කණ්ඩායම අදාළ නිවස වෙත ගොස් ඇත.

එහිදී එක්වරම පොලීසිය දුටු මියගොස් ඇති පුද්ගලයා නිවස තුළට දිවගොස් එහි තිබූ කොටන තුවක්කුවකින් වෙඩිතබාගෙන සියදිවි හානිකරගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් දමන පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

Leave a Reply