දැරියක් පැහැර ගැනීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු රිමාන්ඩ්

අනුරාධපුර කටුකැලියාව හෙඩ්ඩුවැව ප්‍රදේශයේ පදිංචිව සිටි 15 හැවිරිදි දැරියක් පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සැකකරුවෙකු අද (31) කහටගස්දිගිලිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නොවැම්බර් මස 7වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන බව දිවුල්වැව පොලිසිය පවසයි.

ඉකුත් ඉරිදා අලුයම මෙම පැහැර ගෙන ගොස් තිබු අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන අනුරාධපුර දිවුල්වැව පොලීසිය අද (31) අලුයම ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

එම ප්‍රදේශයේම පදිංචි 27 හැවිරිදි තරුණයෙක් බලහත්කාරයෙන් නිවසට පැමිණ දැරියව පැහැරගත් බව ඥාතීන් පවසයි.

දැරිය පැහැර ගැනීමෙන් අනතුරුව එම ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා ඇයගේ ඥාතීන්ට දුරකථන ඇමතුමක් ලබාදී දැරිය තමන් භාරයේ සිටින බවත් දැරිය අතුරුදන් බවට සිදුකළ පොලිස් පැමිණිල්ල ඉවත් කරනොගතහොත් දැරිය අදාළ තරුණයාට විවාහ කරදෙන බවටත් තර්ජනය කර තිබුණි.

කෙසේ වෙතත් දැරිය පැහැරගත් තරුණයා මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර පැහැරගැනීමට ලක්වූ දැරිය සම්බන්ධයෙන්ද මෙතෙක් කිසිදු තොරතුරක් ලැබී නොමැත.

Leave a Reply