දැරියකගේ හා තරුණයෙකුගේ මළ සිරුරු දෙකක් සොයාගනී

ගලේවෙල ආදාවල ප්‍රදේශයේ පාළු නිවසක බාල්කයක එල්ලෙමින් තිබූ 14 හැවිරිදි දැරියකගේ සහ 20 හැවිරිදි තරුණයෙකු‌ගේ මළ සිරුරු දෙකක් සොයාගත් බව ගලේවෙල පොලීසිය පවසයි.

මෙම තරුණයා හා දැරිය අතර ප්‍රේම සම්බන්ධතාවයක් තිබූ බවට තොරතුරු අනාවරණය වි ඇති අතර මෙම දැරිය පරිවාසභාරයේ සිට මීට දින කිහිපයකට පෙර ඇගේ මවට භාර දී ඇතැයිද පොලිසිය පවසයි.

ඔවුන් දෙදෙනා සියදිවි හානිකරගත්තාද එසේත් නොමැති නම් ඝාතනයට ලක්වී ඇත්දැයි යන්න පිළිබඳව මේ වනවිට පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ

මෙම සිද්ධිය පිළිබඳව ගලේවෙල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *